Body

රටේ අනාගත නායකයන් සොයා යන Elephant House SuperHeroes Powered by Dialog තරගාවලියේ දෙවැනි අදියර ඇරඹේ

2023 මැයි 19         කොළඹදී

 

Innovative IoT Solution to Nurture Local Rubber Plantations

ඡායාරූපයේ වමේ සිට දකුණට : CCS Frozen Confectionery හි අලෙවි අංශයේ ප්‍රධානී, John Keells Holdings හි සහකාර උප සභාපති කසුන් ගුණරත්න මහතා, MTV Channels පුද්ගලික සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සුසාර දිනාල් මහතා සහ ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ අලෙවි - සන්නාම හා මාධ්‍ය අංශයේ උප සභාපති හර්ෂ සමරනායක මහතා.

මෙරට අනාගත පරපුරේ දක්ෂතා සහ හැකියාවන් ඔප්නැංවීමේ අභිලාෂයෙන් ආරම්භ කරන ලද ‘Elephant House SuperHeroes Powered By Dialog’ සමාරම්භක වැඩසටහනෙන් අත්කරගත් සාර්ථකත්වයෙන් පසු, මෙරට දක්ෂයින් අතර දක්ෂයින්ගේ හැකියාවන් සහ කුසලතාවයන්ට ජාත්‍යන්තර මට්ටමේ වේදිකාවක් නිර්මාණය කරදීම වෙනුවෙන් ‘Elephant House SuperHeroes, powered by Dialog’ වැඩසටහනේ දෙවනි අදියර ආරම්භ වී තිබේ. ශ‍්‍රී ලාංකිකයින්ගේ වඩාත් ආදරණීය සහ විශ්වසනීය අයිස් ක‍්‍රීම් සන්නාමය වන එලිෆන්ට් හවුස් අයිස් ක‍්‍රීම් සමාගම සහ මෙරට ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම සමඟ නැවත වරක් එක්ව මෙම දීපව්‍යාප්ත තරගාවලිය සංවිධාන කරනු ලබයි. ලාංකේය තාරුණ්‍යයේ දක්ෂතා ඔප්නංවමින් ඔවුන්ගේ නායකත්ව හැකියාවන් සංවර්ධනය කර, නවෝත්පාදන හැකියාවන්ගෙන් පිරිපුන් වගකීම්සහගත අනාගත පරපුරක් රටට දායාද කිරීම මෙම තරගාවලියේ අරමුණයි.

‘Elephant House SuperHeroes, powered by Dialog’ වැඩසටහන තුළින් Super Talent’, ‘Super Innovator’ සහ ‘Super Responsible’කාණ්ඩ ත්‍රිත්වය ඔස්සේ ජයග්‍රාහකයන් තෝරා ගැනේ. තරගකරුවෙකුට හෝ තරගකාරිකට තනිව හෝ කණ්ඩායමක් වශයෙන් මෙම කාණ්ඩ තුන ඔස්සේ තම සුවිශේෂී දක්ෂතාවයන්, නවෝත්පාදන හැකියාවන්, තිරසර දිවි පැවැත්මක් ඉදිරිපත් කිරීම සඳහා තරගාවලියට සහභාගි විය හැක. තරගාවලිය මාස 6 ක් පුරාවට ක්‍රියාත්මක වන අතර, Super Talent’, ‘Super Innovator’ සහ ‘Super Responsible’කාණ්ඩ ත්‍රිත්වයෙන්ම සතිපතා ජයග්‍රාහකයන් තෝරා ඔවුන් වෙත ත්‍යාග පිරිනැමෙනු ඇත. ‘Elephant House SuperHeroes, powered by Dialog’ වැඩසටහන තුළින් තරගාවලියේ ජයග්‍රාහකයන්ට ඔවුන්ගේ අධ්‍යයන් අභිලාෂයන් සහ දක්ෂතාවයන් වර්ධනය කරගැනීමේ අවස්ථා වෙනුවෙන් සුවිශේෂී වරප්‍රසාද සලසාදෙනු ලබයි.මෙම වැඩසටහන සෑම ඉරිදා දිනකම සවස 6 ට සිරස ටීවී ඔස්සේ විකාශය වනු ඇත.

‘Elephant House SuperHeroes, powered by Dialog’ තරගාවලිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ CCS Frozen Confectionery හි අලෙවි අංශයේ ප්‍රධානී, John Keells Holdings හි සහකාර උප සභාපති කසුන් ගුණරත්න මහතා “අපේ රටේ දූ දරුවන්ට ඔවුන්ගේ දක්ෂතාවයන් සහ නිපුණතාවයන් ඉදිරිපත් කිරීමට සුදුසු වේදිකාවක අවශ්‍යතාවය තදින්ම තිබෙන බව, ශ්‍රී ලංකාවේ බොහෝ නිවෙස්වල අයගේ හදවතට සමීප සන්නාමයක් වශයෙන් අපි පැහැදිලිව දුටුවා. රටේ අනාගතය භාරගැනීමට සිටින මේ දූ දරුවන් පිරිස දක්ෂතාවයන්ගෙන් පරිපූර්ණ වගකීම්සහගත පුරවැසියන් බවට පත්කිරීම අප සතු වගකීමක්. ‘Elephant House SuperHeroes, Powered by Dialog’ වැඩසටහන අපේ ඒ අරමුණේ ප්‍රතිඵලයක් හැටියට සඳහන් කළ හැකීයි.”

“අපේ රටේ තරුණ පරම්පරාව සමඟ අර්ථවත් සම්බන්ධතාවයක් ගොඩනගා ගනිමින් ඔවුන්ගේ දක්ෂතාවයන් ඔප්නංවාගැනීමට අවස්ථාවන් සලසාදිය යුතු බව අපි දැඩිව විශ්වාස කරනවා. Elephant House SuperHeroes, Powered by Dialog වැඩසටහනේ දෙවනි අදියර ඉදිරිපත් කිරීම සඳහා නැවත වරක් එලිෆන්ට් හවුස් සමාගම සමඟ එක්ව කටයුතු කිරීමට ලැබීම ගැන අපි අතිශයින්ම සතුටු වෙනවා. මේ තරගාවලිය හරහා තමන්ගේ දක්ෂතවයන් සහ නිපුණතාවයන් ඉදිරිපත් කිරීමට අමතරව සමාජයට යහපත් දෙයක් ලබාදෙන්නත් තරගකරුවන්ට සුවිශේෂී අවස්ථාවක් හිමිවෙනවා. තරගාවලිය හරහා ශ්‍රී ලංකාවට අවශ්‍ය අනාගත නායකයන් සොයා යන්නට අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් ඩයලොග් ආසිආටා පීඑල්සී හි සන්නාම හා මාධ්‍ය අංශයේ උප සභාපති හර්ෂ සමරනායක මහතා සඳහන් කළේය.

මෙම වැඩසටහනේ 'Super Innovator' කාණ්ඩයෙන් තරග වදින දරුවන්ට 2022-2023 වර්ෂයේ තමන් සතුව තිබූ සම්පත් උපයෝගී කරගනිමින් නිපැයූ හෝ වැඩි දියුණු කළ නව උපාංගයක් / නිපැයුමක් හෝ සංකල්පයක් ඉදිරිපත් කළ හැක.'Super Talent' කාණ්ඩය යටතේ දරුවන්ට තමන්ගේ නර්තන, නාට්‍ය ඇතුළු කලාකාමී හැකියාවන් නිර්මාණශීලීව ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසෙන අතර, 'Super Responsible' කාණ්ඩයෙන් සමාජයට යහපත් වෙනසක් හෝ බලපෑමක් ඇති කිරීමට සමත් විසඳුමක් / සැලසුමක්/ නිපැයුමක් ඉදිරිපත් කිරීමට අවකාශය ලබාදෙයි.