නිවේදන
අපගේ හිතවත් පාරිභෝගිකයන් වෙත කෙරෙන විශේෂ නිවේදනයයි
අගෝස්තු 2, 2025
නිවේදනයයි
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් කරන ලද නිවේදනයට අනුව, මෙරට විදුලි සංදේශ සමාගම් හා අත්වැල් බැඳ ගනිමින් ඩයලොග්, Number Portability පහසුකම ක්‍රියාවට නැංවීමට කටයුතු කරමින් සිටියි. ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ ක්ෂේත්රයේ සුවිශේෂී ව්‍යාපෘතියක් වන මේ හරහා පාරිභෝගිකයින්ට තම ජංගම හා ස්ථාවර දුරකතන අංක වෙනස් නොකර සේවා ජාලය මාරු කිරීමේ හැකියාව සැලසේ.
TRCSL සහ Lanka Number Portability Services (Guarantee) Limited (LNPS) හි මඟ පෙන්වීම අනුව, මේ වන විට, පද්ධති වැඩිදියුණු කිරීම්, ජාල ඒකාබද්ධ කිරීම් මෙන්ම පාරිභෝගික සේවා නාලිකා සූදානම් කිරීම ආදී කටයුතු සිදුකෙරෙමින් පවතී. සම්ප්‍රේෂණ කටයුතු සාර්ථකව සිදුවන බව සහතික කිරීම සඳහා මුලින් නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය දියත් කිරීමට සැලසුම් කර ඇති අතර ඉන් පසුව, 2026 ජූලි මාසයේදී එය වාණිජ වශයෙන් දියත් කෙරේ.
මෙම ව්‍යාපෘතිය විශ්වාසනීය සහ සුරක්ෂිත අන්දමින් සාර්ථකව ක්‍රියාවට නැංවීම සඳහා ඩයලොග් අඛණ්ඩව කැපවී සිටින අතර, පාරිභෝගිකයින් කේන්ද්‍ර කරගත්, පහසු අත්දැකීමක් සහතික කිරීම පිණිස ඉහළම අවධානයක් යොමුකර කටයුතු කරයි.