නිවේදන
2026 අගෝස්තු 31
Karuna.lk හි මෙහෙයුම් කටයුතු නිමා කිරීම සම්බන්ධවයි
ශ්‍රී ලංකාවේ සනාථ කරන ලද සුබසාධන අරමුණක් සහිත ප්‍රථම මූල්‍යාධාර වෙබ් අඩවිය වන Karuna.lk හි මෙහෙයුම් කටයුතු 2026 අගෝස්තු 31 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට Dialog Foundation හි භාරකාර මණ්ඩලය විසින් තීරණය කර තිබේ. ඒ අනුව, මෙම වෙබ් අඩවිය ඔස්සේ, නව ව්‍යාපෘති ලියාපදිංචි කිරීම හෝ පවතින ව්‍යාපෘති සඳහා පරිත්‍යාග ලබාගැනීම ඉහත දිනයෙන් පසු සිදුනොකෙරේ.
වසර ගණනාවක් පුරා Karuna.lk සමඟ එක්ව, අර්ථවත් සමාජ සුබසාධන වැඩසටහන් රැසක් වෙනුවෙන් අනුග්‍රහය දැක්වූ සියලුම පරිත්‍යාගශීලීන්ට, ව්‍යාපෘති සංවිධායකයින්ට සහ සියලුම හවුල්කාර පාර්ශවයන්ට අපගේ ගෞරවපූර්වක ස්තූතිය පිරිනමන්නෙමු.
මෙම මෙහෙයුම් කටයුතු නිමා කිරීමේ ක්‍රියාවලියේදී, අදාළ දිනට පෙර ලැබුණු පරිත්‍යාග සහ පවතින ව්‍යාපෘතින්ට අදාළ කටයුතු, විධිමත්ව හා විනිවිදභාවයෙන් යුතුව ක්‍රියාත්මක කිරීමට අපි කැපවී සිටින්නෙමු.
2026 ජූලි 01
නිවේදනයයි
හිතවත් පාරිභෝගිකය, 2026 මාර්තු 27 වැනි දින
නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍ර අංක
2481/22 මගින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
විසින් යාවත්කාලීන කරන ලද මාර්ගෝපදේශවලට
අනුකූලව, 2026 ජූලි 1 වැනිදා සිට නව බිල්පත්
ආකෘතියක් හඳුන්වා දීමට Dialog සමාගම විසින්
කටයුතු යොදා තිබේ.