කිසිම විටෙක ඔබගේ පෞද්ගලික විස්තර, OTP එක හෝ ක්‍රෙඩිට් කාඩ්පත් අංක කා සමගවත් share කරන්න එපා. නීත්‍යානුකූලව කටයුතු කරන ව්‍යාපාර කිසිම අවස්ථාවක ඔබේ තොරතුරු දුරකතනයෙන්, කෙටි පණිවිඩයකින් (SMS) හෝ ඊමේල් මගින් ඉල්ලන්නේ නැත. කිසියම් පුද්ගලයකු මේවා ඉල්ලන්නේ නම්, බොහෝ දුරට වංචාවක් විය හැකියි.

STAY ALERT!
වංචනික පුද්ගලයින් පෙනී සිටින්නේ ඔබට විශ්වාස කළ හැකි අය ලෙසයි. ඔබේ ජංගම දුරකතන සමාගමේ නියෝජතයකු, පොලිසියේ හෝ හමුදාවේ නිලධාරියකු, බදු නිලධාරියකු ලෙස හෝ ඇතැම් විට ඔබේම පවුලේ සාමාජිකයෙකු ලෙස පවා පෙනී සිටිමින්, දුරකතන ඇමතුම්, පණිවිඩ, ඊමේල් හෝ Data සම්බන්ධතා හරහා ඔබේ මුදල් මෙන්ම පෞද්ගලික තොරතුරු සොරා ගැනීම හෝ ඔබේ ගිණුම්වලට පිවිසීම, ඔවුන්ගේ උත්සාහයයි.
පාරිභෝගිකයින්ගේ ඩිජිටල් ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඩයලොග් ආයතනය ගෙන යන අඛණ්ඩ වැඩපිළිවෙළෙහි තවත් එක් සුවිශේෂී පියවරක් ලෙස, පාරිභෝගිකයින් සයිබර් වංචාවලින් (Digital Scams) ආරක්ෂා කරගැනීම සහ ඔවුන් දැනුවත් කිරීම ඉලක්ක කරගත් නවතම ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත. ජාල මට්ටමින් ක්‍රියාත්මක වන මෙම උසස් ආරක්ෂණ ක්‍රමවේදය හරහා පාරිභෝගික සන්නිවේදනය වඩාත් සුරක්ෂිත කෙරෙන අතර, ඕනෑම ඩිජිටල් පණිවිඩයක් සම්බන්ධයෙන් වඩාත් නිවැරදි තීරණ ගැනීමට ඔවුන් වෙත සහාය වීම මූලික අරමුණයි.
මෙම වැඩපිළිවෙළ යටතේ හඳුන්වා දෙන පළමු විශේෂාංගය වන්නේ “DIALOG WARNING - SPAM” යනුවෙන් SMS පණිවිඩ සඳහා යොදනු ලබන ලේබලයයි. යම් කෙටි පණිවිඩ එවනු ලබන රටාවන්, එහි අන්තර්ගත ලක්ෂණ හෝ සැක කටයුතු Links මත පදනම්ව එය ව්‍යාජ පණිවිඩයක් ලෙස පද්ධතිය මඟින් හඳුනාගන්නේ නම්, එම පණිවිඩයට ඉහළින් මෙම අනතුරු ඇඟවීමේ ලේබලය එක් කරනු ලැබේ.
මෙම ආරක්ෂණ පද්ධති නිරන්තරයෙන් වැඩිදියුණු වෙමින් පවතින අතර, පාරිභෝගිකයින් ද සැමවිටම අවධානයෙන් පසුවීම අත්‍යවශ්‍ය වේ. යම් හෙයකින් ඔබට සැක කටයුතු SMS පණිවිඩ ලැබෙන්නේ නම්, ඒ පිළිබඳව Report Scam හෝ 0777 678 678 අංකයෙන් WhatsApp හරහා දැනුම් දෙන ලෙස පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටී.
වැඩිපුර සිදුවන වංචා
ඔබේ ආරක්ෂාව සඳහා වංචා රටාවන් ගැන දැනගන්න.
SMS
ඔබේ SMS පණිවිඩ ආරක්ෂා කරගැනීම
නවතම SMS වංචා නවතන ක්‍රමය දැනගන්න, දැනුවත්ව පරීක්ෂාකාරීව සිටින්න.

SMS
ඔබේ SMS පණිවිඩ ආරක්ෂා කරගැනීම
නවතම SMS වංචා නවතන ක්‍රමය දැනගන්න, දැනුවත්ව පරීක්ෂාකාරීව සිටින්න.
තැපැල් කාර්යාලයෙන් හෝ කුරියර් සේවාවකින් යැයි ව්‍යාජ ලෙස පවසමින් වංචනික පුද්ගලයින් ඔබට SMS පණිවිඩ එවන අතර, එම පණිඩිඩ මගින් ඔවුන් සඳහන් කරන්නේ, ඔබේ තොරතුරු තහවුරු කර නොමැති බැවින්, ඔබේ පාර්සලය බෙදාහැරීමේ උත්සාහයක් අසාර්ථක වූ බවයි. ඒ අනුව, ඔබේ පෞද්ගලික තොරතුරු නැවත තහවුරු කරන මෙන්ද ඔවුන් ඒ හරහා ඉල්ලීම් කරති.
Learn moreඩයලොග් ආයතනයෙන් යැයි ව්‍යාජ ලෙස පවසමින් වංචනික පුද්ගලයෝ ඔබට එවන SMS පණිවිඩයකින්, ඔබ Dialog Mega Wasana වෙතින් රුපියල් මිලියනයක (රු. 1,000,000) ත්‍යාගයක් දිනා ඇති බව කියති.
ඉන්පසු තොරතුරු ‘තහවුරු කිරීම’ සඳහා ඔබගේ පෞද්ගලික තොරතුරුද ඉල්ලන අතර, ඒවා භාවිත කරමින් ඔබගේ බැංකු ගිණුම්වලට පිවිසී, වෙනත් ගිණුමකට එම මුදල් මාරු කිරීමට ඔවුහු කටයුතු කරති.
ඇමතුම්
වංචාකාරී ඇමතුම්වලින් ආරක්ෂා වීම
වංචාකාරී බවට හැඟෙන දුරකතන ඇමතුම්වලට පිළිතුරු නොදී සිටිම හොඳම ක්‍රමයයි.

Dialog ඇමතුම් මධ්‍යස්ථාන කාර්ය මණ්ඩලය ලෙස පෙනී සිටින වංචනික පුද්ගලයෝ ඔබ Dialog Mega Wasana වෙතින් රුපියල් මිලියන දෙකක (රු. 2,000,000) ත්‍යාගයක් දිනා ඇති බවට පවසති.
ඊට අදාළව, ඔබගේ අනන්‍යතාවය තහවුරු කිරීමට අවශ්‍ය බව පවසමින්, ඔබගේ සම්පූර්ණ නම සහ ජාතික හැඳුනුම්පත් අංකය වැනි පෞද්ගලික විස්තර ඉල්ලා සිටිති.
ඔබේ බැංකුවේ පාරිභෝගික සහය නියෝජිතයන් ලෙස පෙනී සිටින වංචනික පුද්ගලයෝ, සැක සහිත ගනුදෙනු හේතුවෙන් ඔබගේ ගිණුම අත්හිටුවා ඇති බව පවසති.
ඉන්පසු ඔබේ අනන්‍යතාව තහවුරු කිරීමට බව පවසමින්, පෞද්ගලික තොරතුරු ඉල්ලා සිටිති.

වෙබ් අඩවි මගින් සිදුකරන වංචා
ඔබේ අන්තර්ජාල කටයුතු ආරක්ෂාකාරීව කරන්න
ව්‍යාජ වෙබ් අඩවි, pop-up දැන්වීම්, හා ඔන්ලයින් උගුල්වලට හසුවීමට පෙර ඒවා ගැන කල්පනාකාරී වන්න.

වෙබ් අඩවි මගින් සිදුකරන වංචා
ඔබේ අන්තර්ජාල කටයුතු ආරක්ෂාකාරීව කරන්න.
ව්‍යාජ වෙබ් අඩවි, pop-up දැන්වීම්, හා ඔන්ලයින් උගුල්වලට හසුවීමට පෙර ඒවා ගැන කල්පනාකාරී වන්න.
වංචනික පුද්ගලයින් විසින් ඔබේ බැංකුව, සමාජ මාධ්‍ය platforms හෝ ඩයලොග් හි නිල වෙබ් අඩවිය වැනි නීත්‍යානුකූල වෙබ් අඩවි වලට සමාන ව්‍යාජ වෙබ් අඩවි සකස් කරනු ලැබේ. ඔබ Login වීමේදී භාවිත කරන තොරතුරු, පෞද්ගලික තොරතුරු හෝ මූල්‍ය තොරතුරු එම ව්‍යාජ වෙබ් අඩවිවලට ඔබ ලවාම ඇතුළු කරවීම ඔවුන්ගේ අරමුණයි.
ඔබට එවන වෙබ් ලිපිනය (URL) වැරදි අකුරු සහිතව ඇත්දැයි හෝ එහි අක්ෂර වින්‍යාස වැරදි තිබේදැයි සෑම විටම දෙවරක් පරීක්ෂා කරන්න.
ඔබ ත්‍යාගයක් දිනා ඇති බවට, උපාංගයට වෛරස් ඇතුළු වී ඇති බවට හෝ software update කිරීමක් අවශ්‍ය බවට පවසන pop-up දැන්වීම්, ඔබ අන්තර්ජාලයේ කටයුතු කරන අවස්ථාවක මතු විය හැකිය. මේවා Click කිරීමෙන්, වැරදි මෘදුකාංග ඔබේ දුරකතනයට හෝ උපාංගයට ඩවුන්ලෝඩ් වීමට හෝ ඔබව වංචනික වෙබ් අඩවි වෙත යොමුවිමට ඉඩ තිබේ.
Learn moreසංඛ්‍යා දත්ත මගින් හෙළි කරන බලපෑම
ඔබේ ආරක්ෂාව වෙනුවෙන් ඩයලොග් දියත් කරන වැඩපිළිවෙළ
වංචා ක්‍රම
වංචාකරුවන් කටයුතු කරන ආකාරය සහ ඔබ ඒවාට ඉලක්ක වන ආකාරය දැනගන්න
SMS
Voice Calls
Data Networks
Smishing යනුවෙන් අදහස් වන්නේ, වංචනික පුද්ගලයින් ඔබගේ බැංකුව, සමාජ මාධ්‍ය platforms, බෙදාහැරීමේ සමාගමක් හෝ ඔබගේ ජංගම දුරකතන සමාගම ආදී විශ්වාසදායී මූලාශ්රවල මුවාවෙන්, ව්‍යාජ SMS පණිවිඩ එවීමයි. මෙම පණිවිඩවල බොහෝ විට ව්‍යාජ links හෝ දුරකතන අංක ඇතුළත් වන අතර, ඔවුන්ගේ උත්සාහ දරන්නේ, ඔබ Login වීමේදී භාවිත කරන තොරතුරු, පෞද්ගලික තොරතුරු හෝ මූල්‍ය තොරතුරු ඔබ ලවාම හෙළි කර ගැනීමටයි.
වංචනිකයන් මෙම ක්‍රමය භාවිතා කරන්නේ
- ඔබේ බැංකු හෝ ක්‍රෙඩිට් කාඩ්පත් තොරතුරු සොරකම් කිරීමට
- ඔබගේ online ගිණුම්වලට පිවිසීමට
- ඔබගේ දුරකතනයට වැරදි මෘදුකාංග ඔබ ලවාම ඩවුන්ලෝඩ් කිරීමට
පරීක්ෂාකාරීව කටයුතු කළ යුතු අන්දම
- නොදන්නා හෝ සැක සහිත මූලාශ්‍රවලින් ලැබෙන පණිවිඩවල ඇති links, click කරන්න එපා.
- අදාළ නිල වෙබ් අඩවියේ ඇති දුරකතන අංකයකට අමතා, එය සත්‍ය මූලාශ්‍රයක් බවට තහවුරු කර ගන්න.
- සැක කටයුතු පණිවිඩ පිළිබඳව XXXX අංකය අමතා, ඩයලොග් වෙත දැනුම් දෙන්න.
- ඔබගේ OTP හෝ PIN අංකය කිසිවෙකු සමඟ, අඩුම තරමේ ඩයලොග් ආයතනයෙන් යැයි පවසන අයෙකු සමඟවත් share කරන්න එපා.
ඔබ සැලකිලිමත් විය යුතු කරුණු
ව්‍යාජ හදිසි තත්ත්වයන් මැවීම හෝ බිය ගැන්වීම්
“URGENT: Your account is locked!” ("හදිසියි: ඔබේ ගිණුම lock කර ඇත!")
සංවේදී තොරතුරු ඉල්ලීම්
කිසිම නීත්‍යානුකූල සමාගමක් කෙටි පණිවිඩ හරහා ඔබගේ මුර passwords , PIN අංක හෝ බැංකු විස්තර වැනි පෞද්ගලික තොරතුරු ඉල්ලන්නේ නැත.
සැක සහිත links
(උදා: නිවැරදි: dialog.lk වෙනුවට, වංචනික: dilaog.lk) • සෑම විටම, එවා ඇති වෙබ් ලිපිනය (URL), අදාළ නිල වෙබ් අඩවියේ ලිපිනයද යන්න පරීක්ෂා කරන්න. වංචනික පුද්ගලයින් බොහෝ විට භාවිත කරන්නේ, කෙටි කළ හෝ වැරදි අක්ෂර වින්‍යාස සහිත වෙබ් ලිපිනයන්ය.
• විශ්වාස කළ නොහැකි දීමනා
"ඔබ රුපියල් මිලියනයක් දිනා ඇත!" හෝ "ඔබට තෑගි පෙට්ටියක් ලැබී ඇත" වැනි පණිවිඩ.
Vishing හෝ Voice Phishing යනුවෙන් අදහස් වන්නේ, රටේ පිළිගත් හෝ ප්‍රසිද්ධ පුද්ගලයන්, ඔබ ගනුදෙනු කරන බැංකුව, ඩයලොග් පාරිභෝගික සේවාව, රජයේ ආයතනයක් හෝ ඔබගේ සමීපතමයකු ලෙසින් පෙනී සිටින වංචනික පුද්ගලයින් විසින් දුරකතන ඇමතුම් හරහා වංචා සහගත ලෙස ඔබේ පෞද්ගලික තොරතුරු හෙළි කරගැනීම හෝ මුදල් ගෙවීමකට ඔබව පොළඹවා ගැනීමයි.
වංචනිකයන්ගේ අරමුණු
- ඔබගේ බැංකු ගිණුම් හෝ කාඩ්පත් තොරතුරු සොරකම් කිරීම
- ඔබව රවටා OTP හෝ PIN අංක ලබා ගැනීම
- ඔබගේ උපාංගයට දුරස්ථව පිවිසීම
- eZ Cash මගින් හෝ බැංකු ගනුදෙනුවක් මගින් මුදල් එවීමට ඔබව පොළඹවා ගැනීම
පරීක්ෂාකාරීව කටයුතු කරන අන්දම
- යම් ඇමතුමක් සැක සහිත බවට හෝ එහින් ඔබට බලපෑමක් ඇතිවන බවට හැඟේ නම්, වහාම එය විසන්ධි කරන්න
- දුරකතනයෙන් අමතන කිසිවකු සමඟ ඔබේ OTP අංක, PIN අංක, හෝ බැංකු තොරතුරු share කරන්න එපා.
- ඩයලොග් හෝ අදාළ ආයතනවල නිල වෙබ් අඩවි මගින් හෝ දුරකතන ඇමතුමක් මගින්, අදාළ ඇමතුම සත්‍ය බවට තහවුරු කර ගන්න.
- එවැනි වංචාකාරී ඇමතුම් පිළිබඳව, XXXX හරහා හෝ ඔබගේ ළඟම ඩයලොග් සේවා මධ්‍යස්ථානයට දැනුම් දෙන්න.
ඔබ විසින් සැලකිලිමත් විය යුතු කාරණා
වහා කටයුතු කිරීමට අවශ්‍ය බව කියමින් ලැබෙන අනවශ්‍ය ඇමතුම්
දුරකතනය හරහා පෞද්ගලික තොරතුරු හෝ බැංකු තොරතුරු ඉල්ලීම්
බැංකු, eZ Cash හරහා මුදල් එවන ලෙස කරන ඉල්ලීම් හෝ OTP අංක ලබා දෙන ලෙස කරන ඉල්ලීම්
වහා කටයුතු කරන ලෙසට හෝ ඇමතුම පිළිබඳව කිසිවකුට නොපවසන මෙන් ඔබට බලපෑම් කරමින් ලබාදෙන ඇමතුම්
එම වංචනිකයින් විසින්
- ඔබගේ ගිණුම අවහිර කර ඇති බවට හෝ ඔබේ සැක කටයුතු ගනුදෙනුවක් ඔවුන් විසින් හෙළිදරවු කර ඇති බවට ප්‍රකාශ කළ හැක.
- ඔබ ත්‍යාගයක් දිනා ඇති බවට (Dialog Mega Wasana වැනි) පවසා, එය ලබා ගැනීමට ඔබේ හැඳුනුම්පත් අංකය (NIC) ලබා දෙන ලෙස හෝ මුදල් තැන්පත් කරන ලෙස ඉල්ලා සිටිය හැක.
- විවිධ ආයතනවල තාක්ෂණික සහය නියෝජිතයින්ගේ මුවාවෙන් apps, install කිරිමට හෝ ඔබගේ දුරකතනයට දුරස්ථව ඇතුළු වීමට ඉඩදෙන ලෙස ඉල්ලා සිටිය හැක.
Smartphones සහ apps භාවිතය වැඩිවීමත් සමඟ, චංචාකාරි පුද්ගලයින් දැන් මාන බලන්නේ, අන්තර්ජාලය හරහා ව්‍යාජ apps, ව්‍යාජ දැන්වීම් හෝ ව්‍යාජ වෙබ් අඩවි මගින් වංචා කිරීමයි. ඔවුන් භාවිත කරන චංචාකාරී උපක්‍රමවලින්, ඔබේ උපාංගයට හානි කිරීමට, තොරතුරු සොරකම් කිරීමට, හෝ වංචා සහගත ලෙස යම් යම් සේවාවන් සඳහා ඔබේ අනුදැනුමෙන් තොරව subscribe කරගැනීමට ඔවුන්ට හැකි වේ.
මෙම වංචා සිදු කරන ක්‍රම
- බැංකුවල, බෙදාහැරීමේ ආයතනවල, හෝ ඩයලොග් apps මෙන් පෙනෙන, ව්‍යාජ apps ඩවුන්ලෝඩ් කිරීම මගින්
- ඔබ අන්තර්ජාලය භාවිත කරද්දී, හානිකර මෘදුකාංග install කිරීමට හෝ අවසරයකින් තොරව සේවාවන් සඳහා දායක කරගැනීම සඳහා මතුවන pop-up දැන්වීම් හෝ redirects මගින්
- නිල වෙබ් අඩවි ස්වරූපයෙන් පෙනෙන ව්‍යාජ වෙබ් අඩවි වෙත ඔබව යොමු කරන login තොරතුරු ඉල්ලා සිටීම මගින්
පරීක්ෂාකාරීව කටයුතු කරන අන්දම
- Apps ඩවුන්ලෝඩ් කිරීම, නිල මෘදුකාංග හරහා පමණක් සිදු කරන්න. (Google Play Store හෝ Apple App Store)
- පෞද්ගලික තොරතුරු ඇතුළත් කිරීමට පෙර වෙබ් ලිපිනය (URL) දෙවරක් පරීක්ෂා කරන්න.
- හානිකර මෘදුකාංග සඳහා, මොබයිල් ආරක්ෂක apps හෝ antivirus scan මෘදුකාංගයක් භාවිත කරන්න
- නොමිලේ Data, තෑගි, හෝ හදිසි අනතුරු ඇඟවීම් මුවාවෙන් ලැබෙන Ads, click කරන්න එපා.
- ඔබේ දුරකතනයේ මෙහෙයුම් පද්ධතිය සහ apps, update කර තබාගන්න.
ඔබ සැලකිලිමත් විය යුතු කරුණු
නිල නොවන මූලාශ්‍රවලින් ලැබෙන Apps (උදා: SMS හෝ links හරහා බෙදා හරින APK ෆයිල්)
වැරදි ලෙස ලියන ලද අක්ෂර සහිත හෝ වෙනස් ලාංඡන ඇතුළත්, බැලූ බැල්මට ව්‍යාජ ලෙස පෙනෙන වෙබ් අඩවි
නව app එකක් install කිරීමෙන් පසු දුරකතනයේ ක්රියාකාරීත්වයේ ගැටලු ඇතිවීම (හානිකර මෘදුකාංගයක් ඇති බවට ලකුණකි)
ඔබේ දුරකතනයේ විශේෂාංගවලට ඇතුළුවීමට, අනවශ්‍ය පරිදි අවසර ඉල්ලීම (උදා: SMS, contactsවලට හෝ files වලට පිවිසීමේ අවසර)
Awaiting Content
Frequently asked questions
මෙය, ඔබ වෙත ලැබෙන කෙටි පණිවිඩ (SMS) අතරෙන්, සැක කටයුතු හෝ වංචනික පණිවිඩ හඳුනාගැනීමට සහය වන සුවිශේෂී ආරක්ෂණ විශේෂාංගයකි. යම් පණිවිඩයක් වංචනික පණිවිඩයක් විය හැකි බවට පද්ධතිය මඟින් හඳුනාගතහොත්, එම පණිවිඩය ඔබට ලැබීමට පෙර එහි ආරම්භයේම ‘DIALOG WARNING: SPAM’ යනුවෙන් විශේෂ අනතුරු ඇඟවීමේ ලේබලයක් එක් කිරීමට ඩයලොග් කටයුතු කරයි.
වර්තමානයේ දිනෙන් දින ඉහළ යන ඩිජිටල් මූල්‍ය වංචා සහ වංචනික කෙටි පණිවිඩ (Scam SMS) මඟින් පාරිභෝගිකයාට සිදුවන හානිය අවම කිරීම මෙය හඳුන්වා දීමේ මූලික අරමුණයි. එමඟින් පාරිභෝගිකයින්ට තමන් වෙත ලැබෙන පණිවිඩ සම්බන්ධයෙන් වැඩි අවධානයකින් සහ අවබෝධයකින් පසුවීමට අවස්ථාව සලසා දෙමින්, ඔවුන්ගේ ඩිජිටල් සන්නිවේදනයට අතිරේක ආරක්ෂණ ස්ථරයක් එක් කිරීමට ඩයලොග් කටයුතු කර ඇත.
යම් කෙටි පණිවිඩයක් 'ස්පෑම්' (Spam) පණිවිඩයක් විය හැකි බවට පද්ධතිය මඟින් හඳුනාගතහොත්, එම පණිවිඩයේ ආරම්භයේම ‘DIALOG WARNING: SPAM’ යනුවෙන් සඳහන් ලේබලයක් ඔබට දැකගත හැකි වනු ඇත. එමඟින් පණිවිඩයේ අන්තර්ගතය කියවීමට හෝ එහි ඇති සබැඳි (Links) වෙත පිවිසීමට ප්‍රථම, ඒ පිළිබඳව විමසිලිමත් වන ලෙස ඔබට අනතුරු අඟවයි.
නැත. එය එම පණිවිඩය ස්ථිර වශයෙන්ම වංචනික පණිවිඩයක් බවට ඉන් අදහස් නොවේ. මෙහිදී සිදුවන්නේ වංචනික පණිවිඩවල බහුලව දැකිය හැකි පොදු ලක්ෂණ සහ රටාවන් පද්ධතිය මඟින් හඳුනාගත් විට, පාරිභෝගිකයාගේ ආරක්ෂාව වෙනුවෙන් ඒ පිළිබඳව විමසිලිමත් වන ලෙස පූර්ව අනතුරු ඇඟවීමක් සිදු කිරීමයි. එනිසා අපි ඔබට උපදෙස් දෙන්නේ, එවැනි පණිවිඩයක් ලැබුණු විට එහි ඇති කරුණු පිළිබඳව වඩාත් සැලකිලිමත් වන ලෙසයි.
නැත. මෙම ආරක්ෂණ විශේෂාංගය අදාළ වන්නේ ඔබ වෙත ලැබෙන සාමාන්‍ය කෙටි පණිවිඩ (Standard SMS) සඳහා පමණි. WhatsApp හෝ වෙනත් පණිවිඩ හුවමාරු කරගන්නා apps (Messaging apps) සඳහා මෙය අදාළ නොවේ.
සාමාන්‍යයෙන් වංචනික පණිවිඩවල (Spam) දක්නට ලැබෙන රටාවන්ට සමානකමක් දක්වන පණිවිඩ මෙලෙස ලේබල් කිරීමට ලක්විය හැකිය. විශේෂයෙන්ම පණිවිඩ නැවත නැවතත් යැවීමේ ස්වභාවය, සැක කටයුතු සබැඳි (Links) ඇතුළත් වීම හෝ දැනටමත් හඳුනාගෙන ඇති වංචනික පණිවිඩවලට සමාන වීම මීට හේතුවයි. මීට අමතරව, පාරිභෝගික ආරක්ෂාව තහවුරු කිරීමේ පියවරක් ලෙස, නියමිත සීමාවන් ඉක්මවා අසාමාන්‍ය ලෙස ඉහළ පරිමාවකින් යවනු ලබන සමූහ පණිවිඩ කෙරෙහි ද මෙම අනතුරු ඇඟවීම යෙදීමට ඉඩ පවතී.
නැත. පද්ධතිය සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන අතර, එහිදී සිදුවන්නේ පණිවිඩ යැවීමේ රටාව, පණිවිඩයේ ලක්ෂණ, සැක කටයුතු සබැඳි (Links) සහ සමූහ පණිවිඩ යැවීමේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමෙන් වංචනික පණිවිඩ හඳුනා ගැනීම පමණි. මෙහිදී සෑමවිටම පාරිභෝගිකයින්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කෙරෙන අතර, ඔබේ පණිවිඩයේ අන්තර්ගතයේ කිසිදු වෙනසක් සිදු නොවේ.
වංචනික පණිවිඩවල දක්නට ලැබෙන පොදු ලක්ෂණ කිහිපයක් පහතින් දැක්වේ:
- අත්‍යවශ්‍ය හෝ තර්ජනාත්මක ස්වරූපය: ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වන ලෙස දන්වන හෝ බිය ගන්වන සුළු භාෂාවක් භාවිත කර තිබීම.
- පෞද්ගලික තොරතුරු ඉල්ලා සිටීම: මුරපද (Passwords), OTP කේත හෝ වෙනත් පෞද්ගලික තොරතුරු ලබාදෙන ලෙස ඉල්ලා සිටීම.
- සැක කටයුතු සබැඳි (Links): අපැහැදිලි හෝ නුපුරුදු වෙබ් අඩවි සබැඳි පණිවිඩය තුළ අන්තර්ගත වීම.
- ඇදහිය නොහැකි වාසිදායක දීමනා: සැබෑ විය නොහැකි අතිවිශාල ලාභදායී දීමනා හෝ තෑගි පිළිබඳ සඳහන් කර තිබීම.
මෙම පද්ධතිය මඟින් පණිවිඩ හඳුනාගනු ලබන්නේ වංචනික ක්‍රියාවලට අදාළ පොදු රටාවන් පදනම් කරගෙන බැවින්, ඇතැම් අවස්ථාවලදී එම නිර්ණායකයන්ට හසු නොවන පණිවිඩ ලේබල් නොවීමට ඉඩ ඇත. යම් හෙයකින් ඔබට ලැබුණු පණිවිඩයක් සැක සහිත බව පෙනේ නම්, ඒ පිළිබඳව පරීක්ෂාකාරී වන්න:
- පණිවිඩයට ප්‍රතිචාර දැක්වීමෙන් හෝ එහි ඇති සබැඳි (Links) මත ක්ලික් කිරීමෙන් වළකින්න.
- ඔබේ පෞද්ගලික තොරතුරු කිසිවෙකු සමඟ Share නොකරන්න
- එම පණිවිඩය සමාලෝචනය කිරීම සඳහා මෙහි ඇති පෝරමය පුරවා, අප වෙත වාර්තා කරන්න.
- වැඩිදුර උපදෙස් සඳහා 0777 678 678 අංකයට WhatsApp පණිවිඩයක් ද යොමු කළ හැකිය.
මෙම ලේබලය යොදනු ලබන්නේ පද්ධතිය මඟින් වංචනික පණිවිඩවලට (Spam) සමාන රටාවන් හඳුනාගත් විට පමණි. ඇතැම් අවස්ථාවලදී සාමාන්‍ය පණිවිඩ ද එවැනි රටාවන්ට සමාන වුවහොත් මෙලෙස සලකුණු වීමට ඉඩ ඇත. යම් හෙයකින් SMS පණිවිඩයක් වැරදීමකින් ව්‍යාජ බවට සලකුණු කර ඇතැයි හැඟේ නම්, මෙහි ඇති ෆෝරමය පුරවා, ඒ පිළිබඳව සමාලෝචනයක් සිදුකරන ලෙස අපෙන් ඉල්ලා සිටිය හැකිය.
වාර්තා කරන විට, කරුණාකර අදහස් දැක්වීමේ තීරුවේ (Remarks section) 'Falsely tagged' යනුවෙන් ඇතුළත් කරන්න.
එවැනි පණිවිඩ පිළිබඳව ඔබ සිදුකරන වාර්තාකිරීම් හරහා අලුත්ම වංචනික රටාවන් (Scam patterns) හඳුනාගැනීමටත්, පද්ධතියේ නිරවද්‍යතාව තවදුරටත් ඉහළ නැංවීමටත් හැකියාව ලැබේ. එම විශ්ලේෂණ තුළින් සියලුම පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීමට ඩයලොග් ආයතනය කටයුතු කරනු ලබයි.
ඔව්. ඔබේ සාමාන්‍ය පණිවිඩ හුවමාරු කරගැනීමේ ක්‍රියාවලියට මෙයින් කිසිදු බලපෑමක් සිදු නොවේ. කෙසේ වෙතත්, වංචනික හෝ 'ස්පෑම්' (Spam) පණිවිඩවලට සමාන, සන්නිවේදන රටාවන් පද්ධතිය මඟින් සලකුණු කිරීමට හෝ සීමා කිරීමට ඉඩ පවතී.
ඔබ විශාල වශයෙන් වාණිජ පණිවිඩ යවන්නේ නම්, එම පණිවිඩ නිසි පරිදි ලැබීමටත්, ව්‍යාජ ලෙස සලකුණු වීම වළක්වා ගැනීමටත් අනුමත වාණිජ කෙටි පණිවිඩ සේවාවන් භාවිත කරන ලෙස අපි නිර්දේශ කරමු. අපගේ ආයතනික / SME) විසඳුම් පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමට, https://business.dialog.lk/products-services/toolsapps/e-sms/ වෙත පිවිසෙන්න.
ඔව්. දේශීය මෙන්ම ජාත්‍යන්තර අංකවලින් ලැබෙන පණිවිඩ සහ ආයතනික නාමයන්ගෙන් (Masked sender IDs) ලැබෙන පණිවිඩ යන සියල්ල මෙම පද්ධතියේ නිරීක්ෂණයට ලක්වන අතර, ඒවායේ ඇති රටාවන් අනුව ‘Spam’ ලෙස හඳුනාගැනීමට කටයුතු කරයි.
නැත. පාරිභෝගිකයින් වංචනික පණිවිඩවලින් සුරක්ෂිතව තැබීම සඳහා මෙය සම්පූර්ණයෙන්ම නොමිලේ පිරිනමන සේවාවකි.
නොහැක. මෙම විශේෂාංගය සියලුම පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ක්‍රියාත්මක කර ඇති බැවින්, එය අක්‍රිය කළ නොහැක.
නැත. ඔබ Dialog අංකයක් භාවිතා කරන්නේ නම්, මෙම 'spam' ආරක්ෂණ විශේෂාංගය ඔබ වෙනුවෙන් දැනටමත් ස්වයංක්‍රීයව සක්‍රිය කර ඇත. ඔබ විසින්, කිසිදු App ඒකක් ඩවුන්ලෝඩ් කිරීම හෝ ගාස්තු ගෙවීම වැනි අමතර කිසිවක් කළ යුතු නැත.
ඔව්. මෙම 'Spam' ආරක්ෂණ විශේෂාංගය SMS පණිවිඩ පහසුකම් සහිත ඕනෑම ජංගම දුරකතනයක් සඳහා එකලෙස ක්‍රියාත්මක වේ. ඒ අනුව, ඔබේ දුරකතන වර්ගය කුමක් වුවත් මෙම ආරක්ෂණ ලේබලය ඔබට දැකගත හැකිය.