හෙට දවසේ ශූරයන් බලගන්වමින් 'ඩයලොග් මහ ක්‍රිකට් තරගවාරය 2025' උත්කර්ෂයෙන් එළිදැක්වෙයි
2025 පෙබරවාරි 25 කොළඹ

පළමුපෙළ: පාසල් ක්‍රිකට් කණ්ඩායම් නායකයින් සහ අදාළ පාසල්වල නියෝජිතයන්, දෙවැනි පෙළ: (වමේ සිට): අදාළ පාසල් ප්‍රධානීන්, උප විදුහල්පතිවරුන්, විදුහල්පතිවරුන්, උප පාලක සහ පාලකවරුන්, Dialog නියෝජිතයින් සමග ඡායාරූපයට පෙනී සිටි අවස්ථාව.
ශ්‍රී ලංකාවේ අංක 1, සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පී.එල්.සී, යොවුන් ක්‍රිකට් කුසලතාවන් පෝෂණය කිරීම සඳහා වන සිය අනුපමේය කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින් මෙන්ම පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ සම්ප්‍රදායන් සුරැකිව පෝෂණය කරමින්, 2025 ඩයලොග් මහ ක්‍රිකට් තරගවාරය දියත්කිරීම සාඩම්බරයෙන් යුතුව නිවේදනය කර සිටියි.
මහ ක්‍රිකට් තරගවාරය පිටුපස සිටින ගාමක බලවේගය ලෙසින් ක්‍රියාකරන ඩයලොග් හි මෙම කැපවීම, මීළග පරම්පරාවේ ක්‍රිකට් ක්‍රීඩකයන් සවිබලගන්වමින් ඔවුනට ජාතික සහ ජාත්‍යන්තර වේදිකාවේ ඉහළම තැන්හී වැජඹීම සඳහා උපකාර කරන්නකි. ඩයලොග්, මෙම වැඩසටහන ඔස්සේ, ක්‍රීඩකයන්ගේ මෙන්ම ක්‍රීඩාලෝලීන්ගේද පරම්පරා අතර ජීවිත කාලයක් පුරා පවතින මිත්‍රත්වයන් සහ සම්ප්‍රදායන් පෙරට රැගෙන යන අතරවාරයේ තරගකාරී මානසිකත්වය උත්තේජනය කරවයි. මාර්තු මාසය එළැඹෙන විට, අතීත සහ වත්මන් සිසුනගේ එකතුවෙන්, ජාතික අභිමානයේ සහ පරම්පරාවෙන් පරම්පරාවට පෙරට යන සහෘදත්වයේ පිළිබිඹුවක් වූ ක්‍රීඩාව සැමරීම සඳහා වන උද්වේගතර රැල්ලක් රට පුරා හඹායන්නේය. ඉකුත් මහ ක්‍රිකට් තරග සමයේ මෙන්ම මෙවරද ඩයලොග් ආසිආටා විසින්, අභිමානය සහ ක්‍රීඩා විශිෂ්ටත්වය වෙනුවෙන් තරගවදිනු ලබන කීර්තිමත් පාසල් 14ක සහභාගීත්වය ලැබෙන මහ තරග 7ක් සඳහා අනුග්‍රහය දැක්වීමට යෙදී තිබේ.
මෙම වැඩසටහනේ ප්‍රමුඛතම තරගයක් ලෙසින් ලොව දෙවැනි පැරැණිතම වාර්ෂික ක්‍රිකට් මහ තරගය වන කොළඹ රාජකීය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර 146 වැනි 'නිල් මහ සටන' මාර්තු 6, 7 සහ 8 වැනිදා කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට යෙදී ඇත. මෙම ඓතිහාසික සටනින් අනතුරුව මාර්තු 15වැනිදා දෙවිදුහල් අතර වාර්ෂික එක්දින තරගය වන මස්ටෑන්ග් කුසලාන විසින් ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කරගනු ඇත.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කතෝලික පාසල් දෙකක් වන ශාන්ත ජෝසප් විද්‍යාලය සහ ශාන්ත පීතර විද්‍යාලය අතර 91 වැනි 'ශාන්තුවරයන්ගේ සටන' අප්‍රේල් මස 3,4 සහ 5 දිනවල එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර එහි එක්දින තරගය අප්‍රේල් 26 වැනිදා එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
රිච්මන්ඩ් විදුහල සහ මහින්ද විදුහල අතර 120 වැනි 'ආදරවන්තයන්ගේ සටන' අප්‍රේල් 3, 4 සහ 5 දිනවල ද එම වාර්ෂික එක්දින තරගය අප්‍රේල් 11 වැනිදා ද ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.
මේ අතර කන්දඋඩරට ජයඝෝසා නාදයෙන් ගිගුම් නැගෙන 118 වැනි සුලෝහිත සංග්‍රාමය ධර්මරාජ විද්‍යාලය සහ කිංගස්වුඩ් විද්‍යාලය අතර අප්‍රේල් 4,5 සහ 6 යන දිනවලදී ද එහි එක්දින තරගය අප්‍රේල් 19 වැනිදා ද පල්ලෙකැලේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
ශාන්ත ආනා විද්‍යාලය සහ මලියදේව විද්‍යාලය අතර පැවැත්වෙන වාර්ෂික මහ සටන හෙවත් 'ඇතුගල්පුර සටන' මාර්තු 28 සහ 29 වැනි දිනවලද එම එක්දින සටන මාර්තු 30 වැනිදාද වෙලෙගෙදර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
ශාන්ත පැට්රික් විද්‍යාලය සහ යාපන විද්‍යාලය අතර පැවැත්වෙන 108 වැනි රන් මහ සටන මාර්තු 27 සහ 28 දිනවලද එම විදුහල් අතර වාර්ෂික එක්දින සටන අප්‍රේල් මස 01 වැනිදා ද ශාන්ත පැට්රික් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.
මෙවර ඩයලොග් සවිබලය හිමිවන මහ ක්‍රිකට් තරග අතරට පානදුර ශ්‍රී සුමංගල විදුහල සහ මොරටුව මහා විද්‍යාලය අතර පැවැත්වෙන 73 වැනි 'රන් සටන'ද අයත්වේ. එම විදුහල් අතර වාර්ෂික එක්දින තරගය අප්‍රේල් 06 වැනිදාට යෙදී ඇත. එම තරග දෙකම මොරටුව දි සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මෙම කීර්තිමත් තරග, නැගී එන ක්‍රිකට් තරුවල සන්ධිස්ථානයන් බවට පත්වනු ඇති අතර එම උද්යෝගීමත් ගමනේ ආරම්භය සනිටුහන් කරමින්, උණුසුම් සටනක් සහ සුවිශේෂී සාර්ථකත්වයක් වෙනුවෙන් ඩයලොග් ආසිආටා පී.එල්.සී සිය උණුසුම් සුබ පැතුම් පිරිනමයි.
අනාගතය අද දිනයේ කැඳවීමට කැපවී සිටින ආයතනයක් ලෙසින් ඩයලොග්, මේ අපූර්ව 'ඩයලොග් මහ තරග සමයේ'දී ශ්‍රී ලංකාවේ දියුණුම 5G-ready ජාලය ක්‍රීඩාංගණයේදී අත්විඳීමට ඔබට ආරාධනා කරනු ලබයි.
''ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්රයේ දැවැන්තම අනුග්රහකයා ලෙසින්, ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ ක්‍රිකට් පුරාවෘත්තයන් හැඩගැස්වීමට දායක වූ මහ ක්‍රිකට් තරගවාරය තවදුරටත් දිනාගැනීමට හැකිවීම ගැන ඩයලොග් ආසිආටා ආඩම්බරයට පත්වෙනවා'' යැයි ඩයලොග් ආසිආටා පී.එල්.සී හී සමූහ ප්‍රධාන අලෙවිකරණ නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම මහතා පැවසීය.'' හෙට දිනයේ ශූරයන් බලගන්වනු ලබන තවත් උද්වේගතර තරගවාරයක් වෙනුවෙන් සියලු කණ්ඩායම්වලට සුබපැතුම් එක්කරනවා." යනුවෙන්ද ඔහු වැඩිදුටත් පවසන ලදී.
ඩයලොග් ටෙලිවිෂන් හී නාලිකා අංක 62,63, 126 සහ 127 ඔස්සේ ThePapare TV මගින් නරඹන්නන් හට මේ මහ ක්‍රිකට් තරගවාරයේ උණුසුම high definition ක්‍රමවේදයෙන් අතිවිඳිය හැකි අතර, ThePapare.com හා Dialog ViU app ඔස්සේද තරග සජීවීව නැරඹීමට අවස්ථාව සැලසෙනු ඇත. මෙම මහ ක්‍රිකට් තරග සමය පුරාම ක්‍රිකට් උණුසුම, ThePapare හි ප්රමුඛ පෙළේ සජීවී ආවරණය මගින් දිවයිනේ පාසල් 40කට අධිකව විහිදෙනු ඇත.
ක්‍රිකට් සඳහා ලබාදෙන සහයෝගයට අමතරව, ඩයලොග් ආසිආටා, නෙට්බෝල්, වොලිබෝල් සහ Esports ජාතික කණ්ඩායම්වල සාඩම්බර අනුග්‍රාහකයා මෙන්ම, ශ්‍රී ලංකා විවෘත ගොල්ෆ් ශූරතාවලියේ ද ප්රමුඛ අනුග්‍රාහකයා වේ. ජාතික පැරාලිම්පික් කමිටුව සඳහා සක්‍රීය අනුග්‍රාහකත්වය පිරි නැමිම තුළින් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික හා ජාත්‍යන්තර ශූරතාවලි සඳහා සහභාගී වීමට හැකියාව සලසමින්, ඩයලොග්, ක්‍රිඩාවේ විවිධත්වය, සමානාත්මතාව හා අන්තර්කරණය ප්‍රවර්ධනය කරයි. තවද, හෙට දිනයේ ශූරයන් බලගැන්වීම සඳහා වන සිය කැපවීමට අනුකූලව ජනාධිපති රන් කුසලාන වොලිබෝල්, ජාතික කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ නෙට්බෝල් තරගාවලි මෙන්ම පාසල් රග්බි ක්‍රීඩාව බල ගැන්වීමට ඩයලොග් කටයුතු කරනු ලබයි.