ඩයලොග් 5G රටපුරා ව්‍යාප්ත වෙමින් ආවරණ කලාප 1000ක් පසුකරයි
2026 අප්‍රේල් 30 කොළඹ
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී අධිවේගී Dialog 5G ජාලය සජීවී 5G ආවරණ කලාප 1,000 ඉක්මවා ව්‍යාප්ත කරමින්, මෙරට තාක්ෂණික ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයකට එළඹුණු වග සතුටින් දැනුම් දෙන ලදී. Dialog 5G Ultra ජාලයේ මෙම සීඝ්‍ර ව්‍යාප්තිය අනුව, 2026 වසර සඳහා නියමිතව තිබූ ව්‍යාප්ති ඉලක්ක පවා නියමිත කාලයට පෙර ජය ගැනීමට ඩයලොග් සමාගම සමත්ව ඇත්තේ, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) කොන්දේසිවලට ද මනාව අනුගත වෙමිනි. ශ්‍රී ලංකාව සතු අනාගත තාක්ෂණික අභිලාෂයන් සහ දැනට සිදුවෙමින් පවතින ඩිජිටල් පරිවර්තනය සැබෑවක් බවට පත් කිරීමට රුකුලක් වන මෙම ජයග්‍රහණය හරහා, දිවයිනේ වේගයෙන්ම වර්ධනය වන ජාලය ලෙස Dialog 5G Ultra සතු ප්‍රබලත්වය තවදුරටත් තහවුරු වේ.
පාරිභෝගිකයන් මිලියන 1.5කට අධික සංඛ්‍යාවකට සේවාවන් සපයමින් ආවරණ කලාප 220කින් ආරම්භ වූ Dialog 5G Ultra වාණිජ ජාලය, මේ වන විට දිවයිනේ සෑම දිස්ත්‍රික්යක් පුරාම සිය ජාල හැකියාව තහවුරු කරමින් සීඝ්‍ර ව්‍යාප්තියක් අත්පත් කරගෙන තිබේ. අඛණ්ඩව සිදුකරන මෙම ජාල ව්‍යාප්තිය සමගින්, ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ට වඩාත් විශ්වාසනීය සහ අධිවේගී සන්නිවේදන සබඳතාවයකට අවශ්‍ය පදනම ශක්තිමත් ලෙස සකස් වේ. ඒ හරහා ශ්‍රී ලාංකීය පුද්ගලයින්ට, ව්‍යාපාරවලට මෙන්ම පොදුවේ සමස්ත සමාජයට වඩාත් ඵලදායී අන්තර්ජාල සම්බන්ධතාවයක් සමගින් දිනෙන් දින වර්ධනය වන ඩිජිටල් ආර්ථිකයක තම දියුණුව උදාකර ගැනීමට මගපෑදේ.
මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් ඩයලොග් ආසිආටා පීඑල්සී හි අධ්‍යක්ෂ/ සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා සඳහන් කළේ මෙසේයි. "දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක 25ම ආවරණය කරමින් 5G ආවරණ කලාප 1,000ක සන්ධිස්ථානය පසුකිරීම ශ්‍රී ලංකාවේ ඩිජිටල් යටිතල පහසුකම් සම්බන්ධ ගමන්මගේ වැදගත් පියවරක්. ඩයලොග් හි අපගේ අරමුණ ජාල යටිතල පහසුකම් පුළුල් කිරීම පමණක් නොවෙයි. එමගින් උදාවන නව අවස්ථාවන් තුළින් ශ්‍රී ලාංකීය ප්‍රජාව හා කර්මාන්ත සවිබල ගැන්වීමයි. ඒ හරහා ව්‍යාපාරවලට නවෝත්පාදන සිදුකරමින්, වේගයෙන් දියුණු වන ඩිජිටල් ආර්ථිකයක තරඟ කිරීමට අවශ්‍ය ශක්තිය අපි ලබාදෙනවා. අනාගත තාක්ෂණය වෙනුවෙන් මෙලෙස ආයෝජන සිදුකරමින් අපි, සියලු ශ්‍රී ලාංකිකයින් ඇතුළත් කර ගැනෙන ඩිජිටල් අනාගතයක් ගොඩනගමින්, 5G තාක්ෂණයේ උපරිම හැකියාවන් අත්විඳීමට ඔවුන් වෙත හැකියාව සැලසීමටත්, කැපවී කටයුතු කරනවා.”
ශ්‍රී ලංකාවට 2G, 3G සහ 4G තාක්ෂණයන් හඳුන්වාදීමේ පුරෝගාමී සමාගම බවට පත් ඩයලොග්, මෙරට ප්‍රථම වරට වාණිජ 5G ජාල හැකියාව විදහා දැක්වූ සමාගම ලෙසින් මොබයිල් සන්නිවේදන ක්ෂේත්‍රය විප්ලවීය වෙනසක් කරා මෙහෙයවනු ලැබීය. ඩිජිටල් යටිතල පහසුකම් හා තිරසාර ජාල ව්‍යාප්තිය උදෙසා මෙලෙස අඛණ්ඩ ආයෝජන සිදුකිරීම තුළින් දැන්, පාරිභෝගිකයින්ට වඩාත් උසස් අත්දැකීම් පිරිනැමිමේ පටන්, ශ්‍රී ලාංකීය ඩිජිටල් පද්ධතිය තවදුරටත් පුළුල් කිරීමට ඉවහල් වන මීළඟ පරම්පරාවේ Apps ආදී ඩිජිටල් ක්‍රමවේද ඇතුළත් ව්‍යාපාරික නවෝත්පාදන රැසක් දායාද කිරීමට ඩයලොග් සහය දක්වයි.
ඩයලොග් 5G ආවරණ කලාපයක සිටින, 5G පහසුකම සහිත ස්මාර්ට් ජංගම දුරකතන භාවිත කරන පාරිභෝගිකයින්ට මෙම 'Dialog 5G Ultra' ජාලය සතු, මීළඟ පරම්පරාවේ අසමසම වේගය අධීවේගී ක්‍රියාකාරිත්වය පහසුවෙන්ම අත්විඳිය හැකිය. මෙම 5G තාක්ෂණයේ ප්‍රතිලාභ සෑම පාරිභෝගිකයෙකු වෙතම සමීප කරවනු පිණිස ඩයලොග් සමාගම, මෙරට වඩාත් සහනදායී මිලට ලබාගත හැකි 5G ස්මාර්ට් දුරකතනය වන 'Dialog A76 5G' රුපියල් 35,999 ක් වැනි සුවිශේෂී මිලකට වෙළෙඳ පොළට හඳුන්වාදෙන ලද අතර, විවිධ පහසු ගෙවීමේ විසඳුම් හරහා පාරිභෝගිකයින්ට පහසුවෙන්ම අධිවේගී 5G Ultra ජාලය හා සම්බන්ධවීමට හැකියාව සලසා දෙනු ලැබිණි.
ඩයලොග් සමාගම තම “අනාගතය අදයි.” යන සන්නාම පොරොන්දුවට අනුකූලව, දිවයින පුරාම උසස් සන්නිවේදන තාක්ෂණය මෙලෙස ව්‍යාප්ත කරමින්, ශ්‍රී ලංකාවේ දිගුකාලීන ආර්ථික වර්ධනයට මෙන්ම නවෝත්පාදන මෙන්ම සියලු ශ්‍රී ලාංකිකයින් ඇතුළත් ඩිජිටල් පරිසරයක් සකස් කිරීමට සහය දක්වමින් මෙරට සමස්ත ඩිජිටල් පද්ධතිය හැඩ ගැස්වීම උදෙසා අඛණ්ඩ දායකත්වය සපයයි. වැඩි විස්තර දැනගැනීමට, www.dialog.lk/5g වෙත පිවිසෙන්න.